ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ නාය යෑමකින් 26 දෙනෙක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම කේරළ ප්‍රාන්තයේ මෙප්පාදී නම් ප්‍රදේශයේ අද (30) එම නාය යෑම සිදුවී තිබෙන බවට වාර්තා වේ. මෙහි සිරවී සිටින පිරිස සොයා ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ වගේම අධික වර්ෂාව හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇත. ඒ අතර එම නාය යෑමට ගොදුරු වූ සමහරු චලියාර් ගංගාවේ ගසා ගෙන යන්නට ඇතැයි ද සැක කෙරෙයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi