සුපුරුදු පරිදි ලංකාව පරදා ඉන්දියාව ජය ගනී


සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී ඇත. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 137 ක් ලබා ගෙන ඇත.

මෙම තරඟය අතරතුරදී,
පන්දුවට පහරදීමේදී Shubman Gill ලකුණු 39 ක් හා Riyan Parag ලකුණු 26 ක් ලබා ගැනීමට සමත් වී ඇත.
එමෙන්ම පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් හා චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු හා රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණු බව වාර්තා වේ. මෙම තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී ලකුණු සම කිරීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරිමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණද සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත හැකිවූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 2 ක් පමණි. ඒ අතර සුපිරි පන්දුවාරයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. .

මෙහිදී විස්සයි විස්ස තරගාවලිය 3 ට 0 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart