සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා අද (03) පෙරවරුවේ ප්‍රධාන කාර්යාලයේදී ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වූ බව වාර්තා වේ.
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මේ වනවිට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර එළඹෙන සඳුදා දින මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi