ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ, උපරිමය රුපියල් මිලියනයක් දක්වා ඇති ස්ථාවර තැන්පතු සඳහා 10%ක වාර්ෂික පොලියක් වසර දෙකක් සඳහා මේම යෝජනාව තුලින් ලැබෙනු ඇත.
වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය 8.5% ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී ඇති අතර ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබේ. ඒ හේතුවෙන් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා මේ සදහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi