දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදී අද (10) පෙරවරුවේ දී, සු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙම හමුවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී ඇති අතර වත්මන් දේශපාලන තත්ත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්රකාශ කළ බව ද එම්. ඒ. සුමන්තිරන් මහතා පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi