ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා අයර්ලන්තය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග තරග දෙකකින් යුත් 20-20 තරගාවලියේ ඊයේ පැවැති පළමු තරගය කඩුලු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 145ක් රැස්කළ අතර එහිදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙකක් බිඳහෙළීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිඩිකාවෝ පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 149ක් ලබාගනිමින් තරගය ජය වාර්තා කල අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟින් පන්දු 45කදී නොදැවී ලකුණු 85ක් රැස්කළාය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi