ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජන බලවේගය පක්ෂයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහය වන බව වාර්තා වේ.
ඊයේ (12) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හමු වූ විජිත් විජයමුණි සොයිසා ඒ බව නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති බවයි සඳහන් වන අතර දේශපාලනය කිරීමට රටක් අවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා මේ අවස්ථාවේ රට ඉදිරියට ගමන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තිය මත බවත්, රට දියුණුව කරා ගෙන යාමට හැකි වනුයේ ද එම වැඩපිළිවෙළ තුළින් පමණක් බව පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi