ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමටනම් තමන්ට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ලබා දෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඉල්ලා ඇති බව වාර්තා වේ. එහි දී තම පක්ෂයට රුපියල් මිලියන 200ක මුදලක් ද ලබා දෙන්නැයි මෙම මන්ත්‍රීවරයා ඉල්ලා ඇති බව ද සඳහන් අතර මෙම ඉල්ලීම් දෙකටම ජනාධිපති පාර්ශවයෙන් එකඟතාවයකට පැමිණ නැති බව ද ආරංචි මාර්ග පවසයි.කෙසේ වෙතත් අදාල මන්ත්‍රීවරයා සමඟි ජනබලවේගය සමඟ සාකච්ඡාවක් පවත්වා එම පක්ශය සමඟ ඉතා ඉක්මනින් සන්ධානගත වීමට නියමිත බවත් දැනගන්නට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi