මෛත්‍රීපාලට යන එන මං නැති වේ. රනිල්ටත් එපාලු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට තමන් කැමති බවට දන්වා ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහාය තමන්ට අවශ්‍ය නැති බව දන්වා ඇතැයිද ඇමතිවරයා කියා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයකට පත්ව ඇති බව පැවසූ ඔහු කිසිදු පක්ෂයකින් ඔහු භාර ගැනීමට කැමැත්තක් නොදක්වන බවද මේ අවස්ථාවේදී කියා සිටියේය. එමෙන්ම තම පක්ෂයේ හිටපු නායකයකු මෙන්ම හිටපු ජනාධිපතිවරයෙකුද වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතරම් පහත් තත්ත්වයකට ඇද වැටීම පිළිබඳව කණගාටුවට පත්වන බවද ඒ මහතා ඒ අවස්ථාවේදී තවදුරටත් කියා සිටියේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart