සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (16) බෙල්ෆාස්ට්හිදී ආරම්භ වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතව තිබෙන මෙම තරඟයට ශ්‍රී ලංකා නිත්‍ය නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරයි.
2017 වසරේ පෙබරවාරි 8 වැනිදා අයිසීසී කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී හමුවීමෙන් පසුව නැවත මේ දෙපිල එක්දින පිටියේදී හමුවන්නේ වසර 7කට පසුවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1