ඊයේ (19) දින එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සිදුකර ඇත. එහිදී අනුරාධපුර දිස්ත්‍රික් එජාප සංවිධායකවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ සිට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ට පත්වීම ප්‍රදානය කර තිබේ.
මීට අමතරව හිටපු අමාත්‍ය පී.හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.බී.ඒකනායක යන අය අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයෝ ලෙස ද, ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ද, හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දේවක වීරසිංහ ද පත්වීම් ලිපි බාරගෙන ඇත.
මීට අමතරව කලාප සංවිධායකවරුන් 295 දෙනකු වෙනුවෙන් පත්වී ලිපි ප්‍රදානය ද මෙහිදී සිදුවී ඇති බවට වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1