“උදේට කිරි බොන ජනතාවට හවසට කහට බොන්න කියන්න බෑලු” රනිල්ගේ පිලට මාරුවෙන මාලිමා ලොක්කෙක් ප්‍රකාශ කරයි

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. අනූෂ විමලවීර මහතා මෙම තීරණය දැනුම් දී ඇත්තේ අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න මහතා හා ගම්පොළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සමන්ත අරුණ කුමාර මහතා හමුවූ අවස්ථාවේදීය. එමෙන්ම අනුරාධ ජයරත්න මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමේ අරමුණින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පොළ ආසන බලමණ්ඩල රැස්වීමට ද ඒ මහතා සහභාගි විය. ඒ අනුව ජාතික ජන බලවේගයට රට ගොඩනැඟීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බැවින් තමන් මෙම තීරණය ගත් බව එහිදී අදහස් දැක්වූ අනූෂ විමලවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවේදි ඔහු ප්‍රකාශ කළේ උදේට කිරි බොන ජනතාවට කහට බොන්න සූදානම් වෙන ලෙස කියන දේශපාලන කඳවුරක තවදුරටත් රැඳී සිටීම නිෂ්ඵල කරුණක් බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
WhatsApp group >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart