රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළට – සජිත් ප්‍රේමදාස

2025 වසරේ ජනවාරි මාසයේ සිට සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24% කින් ඉහළ දැමීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසා ඇත. අද (23) වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමටද කටයුතු කරන බවයි. මෙහිදී වැඩිදුර තොරතුරු සඳහන් කළ ඔහු පැවසුවේ රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ජීවන වියදම් දීමනාව 25,000 දක්වා වැඩි කිරීමටත් රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප දීමනා සහිතව රුපියල් 57,500 දක්වා ඉහළ දැමීමටද කටයුතු කරන බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart