නිල සංචාරයක් ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුධ නෞකාව අද (26) පෙරවරුවේ දී කොළඹ වරායට පැමිණ තිබේ.මෙය Destroyer වර්ගයට අයත් යුද නෞකාවකි.
දිගින් මීටර් 163ක් වන මෙම වේගවත් යුධ නෞකාව කාර්යය මණ්ඩලය 410 දෙනෙකු රැගෙන පැමිණ ඇති අතර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් සන්දීප් කුමාර් කටයුතු කරයි.
මෙම යුධ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යය මණ්ඩලය මෙරට ප්‍රධාන ස්ථාන කිහිපයක සංචාරය කිරීමටද නියමිත අතර බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ පුහුණු අභ්‍යාසයක්ද පවත්වා මේ මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi