අනිද්දා එනම් 29 වනදා සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.
අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වන විට අවසන් කර ඇති බව සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පවසා ඇත.
එක් රටක් තුළ උපරිම බලය බෙදීමේ ප්‍රතිපත්තිය සමගි ජනබලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බව ත්‍රිකුණාමලය නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින් ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
උතුරු නැගෙනහිර බලප්‍රදේශ සංවර්ධනය කරන, ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා, උතුරු නැගෙනහිර සංවර්ධනය කරන බවත් පළාත් සභාවලට ලබාදී ඇති වගකීම අත්තනෝමතික ලෙස මධ්‍යම ආණ්ඩුව උදුරාගත් යුගය ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ අවසන් කරන බවද එතුමා පැවසීය.
එමෙන්ම ජනාධිපතිවරණ ජයග්‍රහණය සමග ඉතා කෙටි කාලයකින් පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභා ක්‍රමය නැවත වතාවක් සවිබල ගන්වා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට සංවර්ධනයේ දියුණුව උදාකිරීමට කැප වන බව එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi