එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතුවලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.ඒ අනුව ඔහු හැර සෙසු නිලධාරීන්ට ජනාධිපතිවරණයේ වගකීම් මේ වනවිට පවරා ඇති බවත් පසුගිය දිනවල දී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සමුළුවට සහ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී නොසිටි බවත් දක්නට ලැබුණු බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ඔහු විපක්ෂයේ දේශපාලන පක්ෂයට සම්බන්ධ වීමට සූදානමින් ඇතැයි පලවන වාර්තා පිළිබඳ ප්‍රතිචාරයක් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ “බලලා කියන්නම්’ යනුවෙන් බව සහ එතුමා එක්සත් ජාතික පක්ශයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට සූදානම් බව ද ආරංචි මාර්ග වැඩි දුරටත් වාර්තා කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi