බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වන අමල් සිල්වා සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
සුරේන්ද්ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව ඉකුත් 29 වනදා උදෑසන අත්අඩංගුවට ගත් අතර කඩුවෙල වැඩබලන මහෙස්ත්රාත් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi