ආදිවාසී ජනයාට වනාන්තරවලට ඇතුළු වී වනයේ සම්පත්වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයෑම පහසු කිරීම සඳහා ආදීවාසී ප්‍රජාවට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
දඹාන සහ රතුගල ආදිවාසීන්ට මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හැඳුනුම්පත් ලැබෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.
ප්‍රජා නායකයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමිවන බව රතුගල වැදි නායක සුදාවන්නිල ඇත්තෝ විසින් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi