ඉන්දියාවෙන් පළමුවරට මන්කිපොක්ස් (mpox) වෛරස ආසාදිත බවට සැකසහිත රෝගියකු හමුව ඇති අතර එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ mpox වෛරසය පැතිර පවතින රටක සංචාරය කළ පුද්ගලයෙකු එලෙස ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති බවයි.
මෙම තරුණ පිරිමි රෝගියා රෝහලක හුදෙකලා කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවත්, මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.
රට තුළ වෛරස පැතිර යෑම වැළැක්වීම සඳහා පූර්ව පියවර ක්‍රියාත්මක බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.
එහෙත් ආසාදනය තහවුරු කිරීම සඳහා පරීක්ෂණ පවත්වනු ලැබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi