නැවතත් හිටපු ජනපති ඝාතනය කිරීමේ උත්සහයක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා ගොල්ෆ් පිටියේදී ඝාතනය කිරීමේ උත්සහය ව්‍යර්ථ වී සැකකරුවෙක් අත්අඩංගුවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකුව පසුව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුර වාර්තා වෙයි. එමෙන්ම එරට මාධ්‍ය තවදුරටත් සඳහන් කළේ බුද්ධි අංශ නිලධාරීන් විසින් තුවක්කුකරුවෙක් සිටින බවට හඳුනාගෙන ඒ දෙසට වෙඩිතබා ඇති අතර එහිදී සැකකරු සිය තුවක්කුව සහ වෙනත් භාණ්ඩ කිහිපයක් එම ස්ථානයේ දමා පැනගොස් තිබුණි.

පසුගිය ජුලි මාසයේදී ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදී සහභාගී වූ මැතිවරණ රැලියක් අතරතුරදීය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

X
Add to cart