හෙට දිනය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හරින බවට වාර්තා වේ.
විද්‍යාත්මක ක්‍රමවේදයකට සකස් කළ අමාත්‍යංශ 15ක් ඉදිරි කාලය සඳහා නම් කරමින් එම අමාත්‍යංශවල වගකීම් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ නව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චි සමඟ නිසි ක්‍රමවේදයකට පවරා දීමට සැලසුම් කර ඇත.
ජනාධිපතිවරයා විසින් සංචාරක, ආරක්ෂක, මුදල්, අධිකරණ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ තබා ගන්නා අතර නව අගමැතිවරයා විදේශ කටයුතු, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරද දරනු ඇත.
එමෙන් ම, එම අමාත්‍යංශ 15 සඳහා ලේකම්වරු 15 දෙනෙකු පත් කිරීමට නියමිත අතර ඒ කැබිනට් මණ්ඩලය යටතේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඉන් පසුව උපරිමය අමාත්‍යංශ 25ක් මගින් විධායකය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi