නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා වෙයි


ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (28).
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 22 ක් ලබා
සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88 ක් පමණයි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 29 ක් රැස් කළ මිචෙල් සැන්ට්නර්. ඩැරල් මිචෙල් ලකුණු 13 ක් හා රවින් රවීන්ද්‍ර ලකුණු 10 ක් ලබා ගෙන තිබේ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 602 ක් ලබා සිටියදී ඉනිම අත්හිටු වීමට තීරණය
කළේය.ඒ අනුව නවසීලන්තය මේ වන විට පිටු පසින් පසුවන ලකුණු සංඛ්‍යාව 514ක්.
පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 42 කට කඩුලු 6 ක් දවා ගත් අතර, සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන නිශාන්
පීරිස් ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart