විශ්‍රාම වැටුප් අහිමිවන මහබැංකු අධිපතිවරු

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන් ය. ඒ අනුව, එම ගැසට් නිවේදනයේ සඳහන් වී ඇත්තේ මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බවයි .ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බවත් එහි වැඩි දුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart