විපක්ෂය එක් වී සභා පිහිටුවීම නීති විරෝධී නැති වුවත් ප්‍රජාතන්ත්‍රවාදී නෑ..!

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ජාතික ජන බලවේගය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. මැතිවරණ ප්‍රතිඵල අනුව, ජනතාව “මාලිමාව” කෙරෙහි තැබූ විශ්වාසය මත ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගයට පැවරිය යුතු බව ඔහු අවධාරණය කරයි.

අද (07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වා කියා සිටියේ, ජාතික ජන බලවේගය වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගත් සෑම පළාත් පාලන ආයතනයකම සභා පිහිටුවීමට පියවර ගන්නා බවයි. පාර්ලිමේන්තුවේ ආරම්භ කළ දේශපාලන සංස්කෘතියේ වෙනස ග්‍රාමීය මට්ටම දක්වා ගෙන යාමට ජාතික ජන බලවේගයට හැකියාව ඇති බව ඔහු විශ්වාසය පළ කළේය.

වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගත් ජාතික ජන බලවේගය ජනතාව විසින් අනුමත කර ඇති බවත්, අඩු ඡන්ද ලබාගත් අනෙකුත් පක්ෂ ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ප්‍රතික්ෂේප වූ පක්ෂ එක්වී “ජනතාව අප සමඟයි” යැයි පැවසීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව ඔහු අවධාරණය කළේය.

ජනතාව විසින් ප්‍රතික්ෂේප වූ කණ්ඩායම් එක්වී සභා පිහිටුවීමට උත්සාහ කරන්නේ නම් එය නීති විරෝධී නොවුණත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව ටිල්වින් සිල්වා පැවසීය. ඔවුන් ගණිතමය වශයෙන් ජයග්‍රහණය පෙන්වීමට උත්සාහ කළද, ජනතා තීරණය පැහැදිලි බව ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart