පසුගිය කාල සීමාවේ පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු රුපියල් කෝටියකට අධික පිරිවැයකින් විදේශ සංචාර 30කට වැඩි ගණනකට සහභාගි වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relation and Protocol) මුදල් භාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ නියෝගයෙන් දැනගන්නට ලැබේ.
එම නිලධාරියා එක් අවස්ථාවක විදේශීය ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් දීම සඳහා දින 9ක සංචාරයකට සහභාගි වූ බවත්, ඒ සඳහා රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් ලබාගෙන ඇති බවත් වාර්තා වේ. තවද, ඔහුට එරෙහිව තවත් චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඉන් එකක් වන්නේ ඔහු අත්තනෝමතික ලෙස විදේශ සංචාරවලට සහභාගි වී ඇති බවයි. මීට අමතරව, එම විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම හිටපු ප්‍රධානියා පසුගිය කාල සීමාව තුළ පාර්ලිමේන්තු වාහන අසීමිත ලෙස අවභාවිත කර ඇති බවයි.
මේ අතර, පාර්ලිමේන්තුවේ වාහන හිමිකමක් නොමැති නිලධාරිනියක් සහ නිලධාරියෙකු නිල වාහන දෙකක් භාවිතා කරන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී තිබේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවෙන් නිල වාහනයක් හිමිවන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පමණක් බව සඳහන් වේ.