පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයේ ඇතැම් සාමාජිකයින් මත්ද්‍රව්‍ය බෙදා හැරි බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් චෝදනා කරන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ එම චෝදනා ලැබූ පිරිසගේ නම් හෙළිදරව් කිරීමට අබේසිංහ ඇමැතිවරයා විසින් කටයුතු කළ යුතු බව ය.
“මැතිවරණ ව්‍යාපාරයේදී විපක්ෂයේ පක්ෂ මත්ද්‍රව්‍ය බෙදාහැරිය බවට නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරනවා. මැතිවරණ අමතක කරන්න, නමුත් ඔහු කතා කරන්නේ බරපතළ දෙයක් ගැන. මැතිවරණ කාලයේදී ඔහු එය කිරීමට අපොහොසත් වූයේ මන්දැයි පැහැදිලි කිරීමක් සමඟ සියලු තොරතුරු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය පොලිසිය සමඟ බෙදා ගන්නා ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා,” මන්ත්‍රී ගනේෂන් X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.