ප්‍රසිද්ධ පෞද්ගලික ශිෂ්‍යත්ව පන්ති ගුරුවරියක වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේෂිකා ප්‍රනාන්දුට එරෙහිව මේ වන විට මීගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙමින් පවතී. කිඹුලපිටිය – ගල්මංකඩ ප්‍රදේශවාසීන් මෙම නිහඬ විරෝධතාව සංවිධානය කර තිබේ.
පසුගිය සතියේ වාර්තා වූ පරිදි, හයේෂිකා ප්‍රනාන්දු ඇයගේ පන්ති ආයතනයේ සේවය කරන තරුණයෙකු බිම දමා ඔහුගේ වෘෂණ කෝෂවලට හානි වන පරිදි කුරිරු ලෙස පහර දී ඇත. පහරකෑමට ලක් වූ තරුණයා බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඊයේ (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ ඔවුන් අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ බවයි.
මේ අතර, සැකකාරිය වන හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත. පොලිසිය පවසන පරිදි, ඇය සිය දියණිය සමඟ දුරකථනය ක්‍රියා විරහිත කර ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, පහරකෑමට ලක් වූ තරුණයාගේ සහෝදරිය ෆේස්බුක් හි පළ කළ සටහනකට පළිගැනීමක් ලෙස හයේෂිකාගේ සැමියා සහ කළමනාකරු විසින් එම තරුණයාට පහර දී ඇති බවයි. ඒ අනුව, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි. එම නියෝගය පරිදි ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මූලික විමර්ශනවලට අනුව, හයේෂිකා ප්‍රනාන්දු විසින් ඇයගේ ආයතනයේ සේවිකාවකට පරිගණකය භාවිතා කරන ආකාරය කියා දෙන ලෙස පහරකෑමට ලක් වූ තරුණයාට පවසා ඇත. එහිදී එම තරුණයා එම සේවිකාවගේ අතින් ඇද අතවර කළ බවට පැමිණිල්ලක් කිරීම සඳහා හයේෂිකා ප්‍රනාන්දුගේ සැමියා සහ කළමනාකරු එම සේවිකාව ද සමඟ කටාන පොලිසියට ගොස් තිබේ. එහිදී දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හයේෂිකා ප්‍රනාන්දු, ඇයගේ සැමියා සහ කළමනාකරු විසින් අදාළ තරුණයාට පහර දී ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.