කොළඹ මහා නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති ධුරයන් සඳහා, පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභිකයින් අතරින් දෙදෙනෙකු තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම ජූනි 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන අතර, නගරාධිපති ධූරය සහ නියෝජ්‍ය නගරාධිපති ධූරයට සුදුස්සන් ඡන්දයකින් තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි පක්‍ෂයක් 50% කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැති හෙයිනි.
මේ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ඡන්ද විමසීමේ දී 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48ක් වන අතර, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ.