ජනාධිපතිවරයාට එරෙහිව අවමන් සහගත සහ අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ දැනුම් දීමක් මත ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක දී ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව අවමන් සහගත සහ අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තුසිත හල්ලොලුව මහතාට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත විසින් පසුගිය 04 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
අදාළ ප්‍රකාශය හරහා ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදුවිය හැකි බැවින් තුසිත හල්ලොලුව යන අයට එරෙහිව සහ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදුකර නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස එම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණි.