ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් ගතවූ මාස 07 ක කාලය තුළ රටට කිසිදු වරදක් සිදුකර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.
තමන් සතු දේවල් ද අතහැර ජනතාව වෙනුවෙන් යමක් සිදුකර ඇති මෙවන් ආණ්ඩුවක් ලෝකයේ කිසිදාක තිබී නොමැති බව ද ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සරය අමතමින් ඔහු සඳහන් කළේ ය.
ජනාධිපති, අගමැති, ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් යන සියලු දෙනාම තමන්ට තිබෙන වරප්‍රසාද, දීමනා සියල්ල අත්හැර, ජනතාවට යමක් ලබාදුන් ආණ්ඩුවක් නිර්මාණය කර ඇති බවත්, ඒ තුළ සිදුවන පොඩි පොඩි අඩුපාඩු සෙවීම විපක්ෂයේ කාර්යභාරය බවට පත්ව ඇති බවත් ටිල්වින් සිල්වා පෙන්වා දෙයි.
ඔහු සඳහන් කර සිටියේ ආණ්ඩුවේ අයගේ කුඩා වචනයක්, ඇඳුමක් පිළිබඳ අල්ලාගෙන විපක්ෂය කෑ ගසන්නේ, ඔවුන්ට ඊට වඩා දෙයක් විවේචනය කිරීමට නැති නිසා බව ය. තම ආණ්ඩුව මහ බැංකුව කැඩූ බවට හෝ මහජන මුදල් වංචා කළ බවට ප්‍රකාශ කළ නොහැකි බව ද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.
අප ඉදිරියේ තිබෙන්නේ සටන් පාඨ නොමැතිව බංකොළොත් වූ, මඩට වැටුණු විපක්ෂයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.