ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ඇමැතිවරු කිහිප දෙනෙක් ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය ලබාගැනීමට උත්සාහ කර තිබේ. එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මේ බව සඳහන් කළේය.
ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් මනෝ ගනේෂන් ප්‍රකාශ කොට ඇත්තේ “යහපත් චේතනාවෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් අනුව ඔවුන් අප වෙත පැමිණියා” යනුවෙනි.
“එයට ප්‍රතිචාර වශයෙන් අපිත් යහපත් චේතනාවෙන් කියා සිටියේ අපි ස්වාධීන කණ්ඩායමක් නොවෙයි. අපි අවම වශයෙන් දිස්ත්‍රික්ක නවයකවත් ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති මත පදනම් වූ පක්ෂයක්. ඒ නිසා දිස්ත්‍රික් මට්ටමින් එක ප්‍රතිපත්තියකුත්, ජාතික මට්ටමින් තවත් ප්‍රතිපත්තියකුත් අපට අනුගමනය කරන්න බැහැ” යැයි ද ඔහු පැහැදිලි කළේ ය. තවදුරටත් අදහස් දක්වමින් මනෝ ගනේෂන් අවධාරණය කළේ තම පක්ෂය ජාතික ජන බලවේගය සමඟ එක්වීමට කිසිදු අදහසක් නොමැති බවයි.