ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ පොලීසිය අන්තරයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගනී..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අධිකරණ විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශය අසළ දී විරෝධතාවක නිරතවීම හේතුවෙන් මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අද (16) දහවල් 12.00 සිට හෙට (17) සවස 5.00 දක්වා කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටා ඇති ප්‍රදේශයට ඇතුළුවීමෙන් වළකින ලෙස අධිකරණය විසින් නියෝග කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart