නවක වද සිදුවීමේ චූදිත සිසුන් 10 දෙනා යළි රිමාන්ඩ්..!

දිවි නසා ගන්නා ලද සබරගමුව සරසවියේ දෙවැනි වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර,  ඉකුත් අප්‍රේල් 29 වනදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණි.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවදය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බව ය.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව මෙම සිසුන් අත්අඩංගුවට ගැණින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart