බලතල අනිසි ලෙස භාවිතා කිරීම සහ බරපතළ රාජකාරිමය වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වැඩ තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මේ මස 19 වැනි දින පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
මෙම පරීක්ෂණය පවත්වනු ලබන්නේ අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දීම සඳහා පත් කරන ලද කමිටුව විසිනි.