හිටපු ඇමති ලක්ෂ්මන් යාපා දැලේ! රුපියල් ලක්ෂ 17ක රාජ්‍ය මුදල් අවභාවිත චෝදනා!

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ අල්ලස් කොමිසමේ දැඩි අවධානයට ලක්ව තිබේ. ඒ 2014 වසරේ සිදු වූ බව කියන රුපියල් ලක්ෂ 17කට අධික රාජ්‍ය මුදල් අවභාවිත සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට මුල් වී ඇත්තේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් යොදවා පුවත්පත්වල දැන්වීම් පළ කිරීමයි. අල්ලස් කොමිසම පවසන පරිදි, එම දැන්වීම් පළ කිරීම තුළින් රජයට රුපියල් 1,748,877.76 ක පාඩුවක් සිදු වී ඇත. මෙය දූෂණ විරෝධී පනත යටතේ බරපතළ වරදක් බව කොමිසම අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති අතර, විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පහක් ඉදිරිපත් කර තිබේ. සාක්ෂිකරුවන් 15 දෙනෙකුගේ නාම ලැයිස්තුවක් සහ නඩු භාණ්ඩ ලෙස ලේඛන 21 ක් ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart