හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට අද (17) රාත්‍රී කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.
කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්නගේ නිවසේ සිට නැවත එමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගල යින් දෙදෙනෙකු අදාළ වාහනය නවතා මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව සඳහන් වේ.
එහිදී පිස්තොල් වර්ගයේ ගිනි අවියකින් අහසට සහ වාහනයට වෙඩි තබා ඇති නාදුනන පුද්ගලයින් දෙදෙනා තුසිත හල්ලොලුවට දරුණු ලෙස පහර දී ඔහු සතුව තිබූ ලිපි ගොනුවක් පැහැරගෙන ගොස් ඇති බව ද, එම අවස්ථාවේ හල්ලොලුව ගමන්ගත් වාහනය තුල නීතිඥ දිනේෂ් දොඩංගොඩ ද සිට ඇති අතර ඔහුට ද තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ.
අදාළ වෙඩිතැබීම හා පහරදීම් සිදු වී සුලු මොහොතකින් එම ස්ථානයට නාරාහේම්පිට පොලිසියේ නිලධාරීන් පැමිණ ඇති අතර, ඔවුන් විසින් පහරකෑමට ලක්ව සිටි තුසිත හල්ලොලුවට රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ
ජනාධිපති අනුර දිසානායකට අපහාසාතාත්මක ප්‍රකාශයක් සිදුකළා යැයි කියන තුසිත හල්ලොලුවට විරුද්ධව මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් පැවැත් වෙමින් තිබේ.