අද (මැයි 18) උදෑසන 9:00 ට නිකුත් වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනය මගින් ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බැවින් මෙම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයකින් සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මේ අතර, පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව එම සංවිධානය නිවේදනය කරයි. මෙම අනතුරු ඇඟවීම අද පෙරවරු 10.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා වලංගු වේ.