දසක තුනකට අධික කාලයක් ශ්‍රී ලාංකේය ප්‍රජාව පීඩාවට පත් කරමින් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා රජයේ නීත්‍යානුකූල හමුදාව සමග සටන් වැදුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය පරාජය කොට ශ්‍රී ලාංකේය ජාතිය විජයග්‍රහණය කළ දිනය මින් වසර 16 කට පෙර එළඹියේ ය.
2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි.
ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වේ.
යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත ය.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතව තිබේ.
කෙසේවෙතත්, එදා සිට මෙරට රාජ්‍ය නායකත්වයට පත් සියලු දෙනා මෙම විජයග්‍රහණය සැමරීමට කටයුතු කළ නමුත්, දැනට පවතින ආරංචි මාර්ග අනුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙවර විජයග්‍රහණයේ සැමරුමට සහභාගී නොවන බව දැනගන්නට ලැබේ. කෙසේවෙතත්, මෙම තත්ත්වය වෙනස් වීමට ද ඉඩ තිබේ.