අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇප මත මුදාහරියි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මව්බිම ජනතා පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක මිලාන් ජයතිලක රුපියල් මිලියනයක ශරීර ඇප මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් මුදා හරින ලදී.

ඔහු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුළ ඉඩමක් විකිණීමේ දී නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර ඔප්පු නිකුත් කිරීමට අනුමැතිය ලබාදීමෙන් 2013 වසරේ රජයට රුපියල් 373,000 ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart