අධිකරණ නිලධාරීන් ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන පළ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමු කර තිබේ.
සංගමය පෙන්වා දෙන්නේ මහජනතාව ඇතැම් අවස්ථාවල අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අහිතකර අදහස් හා සටහන් සමාජ මාධ්‍ය තුළ පළ කරමින් සිටින බවයි.
යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන්ගේ වැදගත් කාර්යභාරය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමේ හා ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද සංගමය අවධාරණය කරයි. අධිකරණ නිලධාරීන්ගේ හැසිරීම විමර්ශනය කිරීම සඳහා නීතියේ පැහැදිලි ක්‍රියා පටිපාටි ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.
තවද, ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් කිසිදු සත්‍යතාවකින් තොර කරුණු දක්වා ඇති බවත්, එමඟින් අධිකරණයේ බලතල යටතේ පවතින කරුණු සම්බන්ධයෙන් වැරදි මතයක් ඇතිවිය හැකි බවත් සංගමය පෙන්වා දෙයි.
එබැවින්, යම් ප්‍රකාශයක් කිරීමේදී හෝ අදහස් දැක්වීමේදී නීති විරෝධී පීඩනයක් ඇතිවිය හැකි හෝ පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි ක්‍රියාවලින් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, නීතිඥවරුන් ලෙස ඔවුන්ට පැවරී ඇති රාජකාරි හා නීතිමය රාමුව තුළ පමණක් මහජන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට අවසර ඇති බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් දන්වා සිටී.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනය මෙහි දැක්වේ.