රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් වාර්ෂිකව පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණ
ආරම්භයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උත්සවයට සහභාගී නොවන බවට ප්‍රකාශ වීමත් සමඟ ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර, එම විරෝධය හමුවේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වය තහවුරු වී තිබේ.
දශක තුනක කාලයක් පුරා ලාංකේය ජන ජීවිත අඩාල කරමින් ලක්ෂ සංඛ්‍යාත වටිනා මිනිස් ජීවිත සහ දේපළ විනාශ කරමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය විසින් ගෙන ගිය ත්‍රස්ත වැඩපිළිවෙළ පරාජයට පත් කරමින් ශ්‍රී ලාංකේය ජනතාව විජයග්‍රහණය ලැබුවේ මින් වසර 16 කට පෙර මැයි 18 වෙනිදා ය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ විජයග්‍රහණය වෙනුවෙන් තම නිල ෆේස් බුක් ගිණුමේ කිසිදු සටහනක් නොතැබීම ද ජනතාව අතර දැඩි විරෝධයට තුඩු දුන් අතර, රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් වාර්ෂිකව පැවැත්වෙන උත්සවයට ජනාධිපතිවරයා සහභාගී නොවන බව දැනුම් දීමත් සමග එම මහජන අප්‍රසාදය ඉහළ ගියේ ය.
කෙසේ හෝ ජනතාවගේ අප්‍රසාදය දැඩිවත්ම, රණවිරු සමරුවට සහභාගී වීම සඳහා අනුර කුමාර ජනාධිපතිවරයාට සිදු වූ අතර, කිසිවෙකුගේ කීමකට අවනතව හෝ රට වෙනුවෙන් සටන් කර ආබාධිත බවට පත් වූ රණවිරුවන් බැලීම සඳහා ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත යාමට ඔහු කටයුතු කළේය.
කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිල ෆේස් බුක් ගිණුමේ වූ සටහනේ රට වෙනුවෙන් සටන් කළ රණවිරුවන් ගැන සඳහන් ව තිබුණේ ‘සෙබළුන්’ යන නමිනි. මින් අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ විජයග්‍රහණය සම්බන්ධයෙන් වන කුකුස සහ ගෞරවනීය නොවන හැඟීම මනාව පෙන්නුම් කර තිබිණි.
දිගින් දිගටම රටේ සේනාධිනායකයා අතින් සිදුවන මෙවන් බරපතල වැරදි හේතුවෙන් රටේ ජනතාව අතර විශාල අප්‍රසාදයක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඇතිවෙමින් තිබේ.