වැඩ තහනම් කරනු ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබූ අතර, ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසියක් මඟින් දැනුම්දී ඇත.
දේශබන්දු තෙන්නකෝන් ඒ අනුව පරීක්ෂණ කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙම කමිටුව පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.