විපක්ෂය විසින් බහුතර බලයක් ලබා තිබෙන පළාත් පාලන ආයතනවල එක්ව කටයුතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ගිවිසුම්ගත වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව, දෙපාර්ශවය විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග ද එක්ව කටයුතු කිරීමට නියමිත අතර, ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කිරීම අද දින සිදු වීමට නියමිත ය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මෙහිදී දෙපාර්ශවය වෙනුවෙන් අත්සන් තැබීමට සූදානම්ව සිටියි.