මහජනතාවගෙන් රුපියල් මිලියන 164කට අධික තැන්පතු ලබාගෙන, අනවසර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම සහ එම මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම සහ මහජනතාවගෙන් රුපියල් කෝටි 16ක් හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට විත්තිකරුවන් දෙදෙනා වරද පිළිගැනීමෙන් පසුව කොළඹ මහාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මෙම විත්තිකරුවන්ගේ දරුවන් දෙදෙනා ඉදිරියේ දී විවාහ වීමට නියමිතව සිටින බැවින් ඔවුන්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව වාර්තා වේ.