වොෂින්ටනයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු බදාදා සවස යුදෙව් කෞතුකාගාරයක පැවති උත්සවයකින් පිටවෙමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පලස්තීනයට සහයෝගය දක්වන ප්‍රකාශ සිදුකළ බව පොලිසිය පවසයි.
මෙට්‍රොපොලිටන් පොලිස් ප්‍රධානී පැමෙලා ස්මිත් මාධ්‍ය හමුවකදී පැවසුවේ මියගිය පුද්ගලයන් දෙදෙනා, එනම් පිරිමියෙකු සහ කාන්තාවක්, කැපිටල් යුදෙව් කෞතුකාගාරයේ උත්සවයකින් පිටවෙමින් සිටියදී සැකකරු සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට ළං වී වෙඩි තැබූ බවයි.
චිකාගෝහි 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් ලෙස හඳුනාගෙන ඇති සැකකරු, වෙඩි තැබීමට පෙර කෞතුකාගාරය පිටත සැරිසරන අයුරු නිරීක්ෂණය වී තිබේ. වෙඩි තැබීමෙන් පසු ඔහු කෞතුකාගාරයට ඇතුළු වී උත්සව ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ඇති බව පැමෙලා ස්මිත් සඳහන් කළා ය.
ඔහුව භාරයට ගන්නා විට, සැකකරු පලස්තීනයට සහයෝගය දක්වන සканතයක් ආරම්භ කර ඇති බව ස්මිත් කීවාය. කෙසේ වෙතත්, ප්‍රජාවට අඛණ්ඩ තර්ජනයක් ඇතැයි නීතිය බලාත්මක කිරීමේ අංශ විශ්වාස නොකරන බවද ස්මිත් අවධාරණය කළාය.