මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ආර්ථික සංවර්ධන කාරක සභාවේ සභාපතිනිය ලෙස පත් වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර , ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරිය ලෙස පත්කර තිබේ.
මෙම පත්වීම සිදු වූයේ අද (මැයි 22) පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි. එහිදී, මන්ත්‍රී විජේසිරි බස්නායක විසින් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගේ නම සභාපති ධුරය සඳහා යෝජනා කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු එම යෝජනාව ස්ථිර කළේ ය.
මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ද සහභාගී වී තිබේ.