බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, එම පක්ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබේ.
අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත භාර දී ඇති බව ද වාර්තා වේ.
අලුතින් පත් වූ පාර්ලිමේන්තුවට චමින්ද විජේසිරි තේරී පත් වුව ද, මින් පෙර පැවැති පාර්ලිමේන්තුවේ දී ඔහු තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජය පුරා ප්‍රචලිත වූ අතර, සජිත් ප්‍රේමදාසගේ ඥාතියෙකු වන නයන වාසලතිලකට අසුන ලබා දීම සඳහා ඔහු ඉල්ලා අස්වූ බව එමගින් කියැවිණ.