කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.
පක්ෂයේ විධායක සභාව මෙම තීරණය ගත් බව පක්ෂ නායක ප්‍රභා ගනේෂන් ප්‍රකාශ කළ අතර, වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, විපක්ෂ නායකවරයා මෙන්ම ජනාධිපතිවරයා ද තම පක්ෂයට ආරාධනා කර තිබූ බවයි.
කෙසේ නමුත් කොළඹ මහ නගර සභාව තුළ සිටින ජනතාවට සේවය කිරීමට තම පක්ෂයට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමග එක්ව එම කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමේ සිය සහයෝගය ලබාදීමට තීරණය කළ බව ද, හෙතෙම පැවසීය.
ප්‍රභා ගනේෂන්ගේ පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහාය පල කළ අතර, ප්‍රභා ගනේෂන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්ගේ සහෝදරයා ද වෙයි. එමෙන්ම ප්‍රභා ගනේෂන් කළක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ද සන්ධානගත වී සිටියේ ය.