සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නිළිය ලෙස විරුදාවලි ලැබූ මාලිනී ෆොන්සේකා අද (මැයි 24) අලුයම දිවි ගමනට සමු දුන්නාය. අභාවප්‍රාප්ත වන විට ඇය 78 වැනි වියේ පසුවූවාය.
කලක සිට අසනීප තත්ත්වයෙන් සිටි මාලිනී ෆොන්සේකා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් තහවුරු කළහ.
වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් 1947 අප්‍රේල් 30 වන දින කැලණියේදී උපත ලැබූ ඇය, වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසියාය. 1968 වසරේදී “පුංචි බාබා” චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසි ඇය, කෙටි කලකින්ම ප්‍රේක්ෂක හදවත් දිනා ගත්තාය.
“නිධානය”, “බඹරු ඇවිත්”, “වෑකන්දේ වලව්ව”, “ආරාධනා”, “අම්මාවරුනේ” වැනි චිත්‍රපට ඇයගේ විශිෂ්ට රංගන කුසලතාව ලොවට විදහා පෑ සුවිශේෂී නිර්මාණ ලෙස සනිටුහන් වේ.
2010 වසරේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස මහින්ද රාජපක්ෂ රජය යටතේ දේශපාලනයට පිවිසි ඇය, 2015 වසර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළාය.