රන් හා රිදී ආලේපිත T56 ගිනිඅවියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන මැයි 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු අද (මැයි 24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (මැයි 23) අත්අඩංගුවට ගනු ලැබීය.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත.